පිහිටක් නැති සරණක් නැති
සතුටක් ඇති මුහුණක් නැති
මේ සසර දනව්වේ....
අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා.....බුදු හාමුදුරුවනේ....//
සතුටක් ඇති මුහුණක් නැති
මේ සසර දනව්වේ....
අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා.....බුදු හාමුදුරුවනේ....//
හබලක් නැති ඔරුවක් ඇති
මිනිසුන් වෙති වෙරළක් නැති
අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා.....බුදු හාමුදුරුවනේ....//
නිවනක් ඇති ගෙදරක් නැති
ගමනක් වෙති වෙහෙසක් ඇති
අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා.....බුදු හාමුදුරුවනේ....//
0 comments:
Post a Comment