දුරයන්න සිතුවාට සැඟවී හොරෙන්...
ඔබ නැතුව මම ඉන්නෙ කොහොමද ඉතින්...
වාවන්න බැරි කඳුළු ආවත් නෙතින්...
හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්...//
අවුතැන්වෙලා ලැමතුරේ පෙම් හැඟුම්...
ඔබ නැතුව මම ඉන්නෙ කොහොමද ඉතින්...
වාවන්න බැරි කඳුළු ආවත් නෙතින්...
හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්...//
අවුතැන්වෙලා ලැමතුරේ පෙම් හැඟුම්...
හීනෙකින් හෝ තවකෙකුට ඔබ නොදෙමි මං..
එක් වෙන්න සංසාරේ පින් මදිවනම්...
අපි දෙන්න එක තැනම මියයමු ඉතින්...//
දහසක් නුවන් මා දෙසම නපුරෙන් බලන්...
ඉන්නා නිසා හමුවෙන්න බෑ අපට දැන්...
එක් වෙන්න සංසාරේ පින් මදිවනම්...
අපි දෙන්න එකතැනම මියයමු ඉතින්...//
දුරයන්න සිතුවාට සැඟවී හොරෙන්...
ඔබ නැතුව මම ඉන්නෙ කොහොමද ඉතින්...
වාවන්න බැරි කඳුළු ආවත් නෙතින්...
හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්...//
එක් වෙන්න සංසාරේ පින් මදිවනම්...
අපි දෙන්න එක තැනම මියයමු ඉතින්...//
දහසක් නුවන් මා දෙසම නපුරෙන් බලන්...
ඉන්නා නිසා හමුවෙන්න බෑ අපට දැන්...
එක් වෙන්න සංසාරේ පින් මදිවනම්...
අපි දෙන්න එකතැනම මියයමු ඉතින්...//
දුරයන්න සිතුවාට සැඟවී හොරෙන්...
ඔබ නැතුව මම ඉන්නෙ කොහොමද ඉතින්...
වාවන්න බැරි කඳුළු ආවත් නෙතින්...
හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්...//
Artist - Shashika
0 comments:
Post a Comment