නන්නාදුනන සිහිනය වෙලා
තරු ඇස් කොනක හිත නවතලා
ආඩම්බර කතා ඉඟි පා ගියා
මගෙ තනි හිතට ඔච්චම් කලා...
තරු ඇස් කොනක හිත නවතලා
ආඩම්බර කතා ඉඟි පා ගියා
මගෙ තනි හිතට ඔච්චම් කලා...
මනමාලයි හිතේ පෙම් කතා
මහ මෙර උසට හැඟෙනා නිසා
කවි හිතයට ලියා නෙත ළඟ හැංගිලා
සින්නක්කරම මට හිමිවෙලා...
රෑක අහසට නැගලා
දඟකාරි හිත අල්ලලා
කෝල බැල්මක් හෙලලා
මගෙ හීන ගෙත්තම් කලා
වැසිවැසෙන කලුවර මකා
නිල් අහසෙ සිත්තම් කලා
ඔය හිත තාම මගෙ ළඟ නිසා
හීන ඇත්තක් වෙලා...
නන්නාදුනන සිහිනය වෙලා
තරු ඇස් කොනක හිත නවතලා
ආඩම්බර කතා ඉඟි පා තියා
මගෙ තනි හිතට ඔච්චම් කලා...
මහ මෙර උසට හැඟෙනා නිසා
කවි හිතයට ලියා නෙත ළඟ හැංගිලා
සින්නක්කරම මට හිමිවෙලා...
රෑක අහසට නැගලා
දඟකාරි හිත අල්ලලා
කෝල බැල්මක් හෙලලා
මගෙ හීන ගෙත්තම් කලා
වැසිවැසෙන කලුවර මකා
නිල් අහසෙ සිත්තම් කලා
ඔය හිත තාම මගෙ ළඟ නිසා
හීන ඇත්තක් වෙලා...
නන්නාදුනන සිහිනය වෙලා
තරු ඇස් කොනක හිත නවතලා
ආඩම්බර කතා ඉඟි පා තියා
මගෙ තනි හිතට ඔච්චම් කලා...
Artist - Romesh