❤......♬♪♪♪♪ආසම ගීත හිත අස්සේ හිරකරගන්නේ නැතුව
අපිත් එක්ක එකතු වෙලා ගී රස විදින්න එන්න♪♪♪♪♬.......❤

Friday, December 7, 2012

Aduru Ahasaka

Posted by Musix On 11:51 PM No comments


අඳුරු අහසක රෑ කැටයම්
සඳකි තනිකම් කල සිත්තම්
ඔබට තවකෙක් පමනක් නම්
මියෙමි සඳාවත අද මා නම්
නොනිමි කඳුලක පටලා හද
අඳුර කිම සැගවී දුර පෙර
කිබද මහදක ඔබ වූ සඳ
කිමද ඉකිබිඳ හදවත අද

නොපිපි කොඳ කුසුමකි ඉකිබිඳ මා පැතූ සෙනේ
මග නොදැක ඔබ යන මග දැක මිය යනු කෙසේ
දිවිතත් නැතත් මා හඩවා ලතැවුල් රැයේ
මේ ජීවිතේ ඔබ නැති නම් හිම මෙනි දියේ

අඳුරු අහසක...

මුකුලිතව සිතවත නෙත වැදී කඳුලයි නෙතේ
සිතක දික දැක දැක ඔබ මෙන් වෙන්වී ගියේ
දිවිතත් නැතත් මා හඬවා ලතැවුල් රැයේ
මේ ජීවිතේ ඔබ නැති නම් හිම මෙනි දියේ

අඳුරු අහසක..
 

Budu Hamuduruwo

Posted by Musix On 11:41 PM No comments

බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
බණත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට පින් මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ..//
දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති
බුදුන් වඳින්නට ඒ කාලේ
නිවන් දකින්නට පින් මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ

බුදු හාමුදුරුවො....

අපිත් එක්ක සිටි අපේම යාළුවෝ
නිවන් දකින්නැති ඒ කාලේ
මෙතේ බුදුන් දැක නිවන් දකින්නට
පින් පුරවමු අපි සංසාරේ

බුදු හාමුදුරුවො.....
 

Ahan Inna Ahagena Inna

Posted by Musix On 11:35 PM No comments

අහන් ඉන්න අහගෙන ඉන්න
මගේ හිත මොනවද මුමුනනවා

යාය පුරා නෙක නෙක පාටින්
මුදුමල් පෙති ඇහැරෙනවා
පොද වැස්සක සීතල ඇවිදින්
හිතට එබෙනවා
කෝඩුකාර මල් රේණු අගින්
සුවඳ බෙදෙනවා
ඒ සුවඳින් මගේ හුස්ම රටා මවනවා..

අහන් ඉන්න...

සිලි සිලියේ හමන සුලග
කොඳුරන්නේ අපටමයි
සතුට මිසක දුක මොකටද
සෙනෙහස මහ මෙරයි
අමාවකේ දුක දුරකන
දහසක් තරු කැට නුඹටයි
ඒ එළියෙන් දැල්වෙන ලෝකය
මගෙමයි මටමයි

අහන් ඉන්න...
 
 
 

Ahanna Adare Tharam

Posted by Musix On 11:24 PM No comments
මේ හිතෙ එල්ලිලා පෙරදා
ඇවිදින් මා ලයේ නැවතිලා
මා හැර වෙන කෙනෙකුගේ වෙලා
ඉන්නෙ කොහොමදෝ ඔයා

කඳුලූ වෑහෙනා නෙතු දිහා
බලන්න මොහොතකට ලංවෙලා
හෙමිහිට පපුව මත කන තියා
අහන්න ආදරේ තරම්


දුක දරා ගන්නට කොහොමටත් බෑ
හිත හදා ගන්නට කොහොමටත් බෑ
නාඳුනන සේ මඟ හැර යන්න බෑ
තවත් හිත හිමි වෙන්න බෑ
මේ හිතෙ එල්ලිලා පෙරදා //


මා වෙනුවෙන් මට මැවූ සෙනේ
හමුවේලා මගහැරී ගියේ
ආයෙත් ඔබ මාවෙත එනකං
තනිකඩව සිටින්නම් ඔබ කොහෙද ප්‍රියේ
මේ හිතෙ එල්ලිලා //

Wednesday, December 5, 2012

Api Asarana Wela

Posted by Musix On 10:52 PM No comments


පිහිටක් නැති සරණක් නැති
සතුටක් ඇති මුහුණක් නැති
මේ සසර දනව්වේ....
අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා.....බුදු හාමුදුරුවනේ....//

හබලක් නැති ඔරුවක් ඇති
මිනිසුන් වෙති වෙරළක් නැති
අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා.....බුදු හාමුදුරුවනේ....//

නිවනක් ඇති ගෙදරක් නැති
ගමනක් වෙති වෙහෙසක් ඇති
අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා.....බුදු හාමුදුරුවනේ....//
 

Monday, December 3, 2012

Kaviyakata Pada Soyana

Posted by Musix On 12:02 AM No comments

කවියකට පද සොයන කවිකාර සිත අතර
හැඩකාර ඔය දෑස දඟකාරකම් කරයි
කවියක් තවත් කුමට කවියක්ය නුඹ මෙමට
ගහ කොලද මද නලද නුඹ හට කවි බඳියි..
පින්න පිරි තණ පතක්
අන්දමන්දව බලයි
පුංචි සුදු පා පොඩි
තණ පලස සිපගනි..

කවියකට..

සුළඟ ඉඟි බිඟි කරයි
කෙහෙරැල්ල දඟ් කරයි
හිරු කිරණ හොරෙන් මිදී
සුදු මුවට හැඩ දමයි..

කවියකට....
 
Artist - Roshan
 

Sunday, December 2, 2012

Sanda Kaluwara

Posted by Musix On 11:38 PM No comments

සැඳෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත් වූ සඳ මගේ සරා සඳ
තනිවෙලා මා තනිවෙලා


වළාකුලකුදු නොමැති අහසේ
මලානික වූ මගේ සිතුවිලි
ගල් ගැසී ඇත පාළු වී ඇත
අඳුර පමනක් රජ වෙලා

සැඳෑ කළුවර ....

ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තේ රැයක් පමණයි
ගව් ගණන් දුර ජීවිතේ බර
මගේ හිස මත බර වෙලා..

සැඳෑ කළුවර ....

 Facebook යාලුවන්ට Share කරන්න

Download Mp3

Saturday, December 1, 2012

Oya nisa Hadala

Posted by Musix On 5:55 AM No comments
ඔයා නිසා හඬලා - මගෙ ඇසුත් රිදුනා..
තරහ වෙලා - හැර ගියදා..
පාළුවේ උන්නේ...වේදනා දැනුනේ...//

සිහිකරලා ඔබ ගැන මා හඬලා..

තවමට නැ සැනසිලක් ලැබිලා..
පෙම බිඳලා - ඔබ ගියදා ඉදලා..
තනිවීලා ඉන්නේ සැමදා...
ඉන්නේ සැමදා...

ඔයා නිසා හඬලා...

සෙනෙහස මා මද සුලඟක් කරලා..
පා කෙරුවා එන ලෙස ඔබ සොයලා..
සුසුමක් වී - ඒ සුළගේ එතිලා..
ඉමු නැලවී මා හා බැදිලා...
මා හා බැදිලා...

ඔයා නිසා හඬලා...//
Artist -  Roshan

Ma dase Wedana

Posted by Musix On 1:19 AM No comments

මා දෑසේ වේදනා
ඔබ දෑසේ පෙම් සිනා
එනමුදු මගේ හදේ
නැත වයිර චේතනා..//
පෙරදා ඔබෙන් මෙමා
ලැබූ නුහුරු කල්පනා
සාගරය සේ එදා
ආදරය ගොලු කලා..//
ඒ සිහින මවා මවා
මා දෑස තෙත් කලා

මා දෑසේ වේදනා..//

මා ගයන ගීතයේ
රාවේ ගුවනින් ඇසේ
ඒ සෝ සුසුම් තුලින්
ඔය දෑස තෙත් කලේ...//
මේ ගීය ගැයුවේ මා
ඔබ රිදවනු නොවේ...

මා දෑසේ වේදනා.....
Arist Shihan Mihiranga

Amma Sandaki

Posted by Musix On 1:04 AM No comments


අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හඳින් නුබෙ ලෝකය එළිය උනි
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී
පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදී
සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුනේ
කුසයේ නොදැරුවත් දිවි බර මම දැරුවේ
මහ මෙරකට උසයි දරු පෙම හද පතුලේ
පුදුමයි පුතුනි කිම මගේ ලේ කිරි නොවුනේ

මවකට මුවා වී නුබ වෙත දිවි දුන්නේ
මම වෙමි පුතුනි එය මා පමනයි දන්නේ
පිය සෙනෙහස නැතිද දරුවනේ හඳුනන්නේ
අම්මාවරුන් පමනද මතු බුදු වන්නේ
Artist - T.M. jayarathna

Himi Unu Oba Mata

Posted by Musix On 12:59 AM No comments

හිමිඋනු ඔබ මට අහිමි වෙලා
කොහොමද වාවාගන්නේ මා
ආදරේ පෑ ආදරේ ....

නිදි නැති රැය ඔබ ගැනම සිතා
මතකය පාරා කදුලු සලා
ජීවිතේ මේ ජීවිතේ....
සිතුවේ නෑ පැහැසර සිනා
කුරිරුවී හැරයයි කියා

සිහින නෙලා පැලදුව දා
මල්මාල හිත් මානයේ
සිහිවෙනවා උමතු සිනා
නිල් පාට නෙත් මායිමේ...//

ලන් උනේ වෙන් වෙන්න නම්
පෙම්කලේ තුරුලේ ඉදන්
ඇයි ඔයා මට මේ තරම්

පෙම බිද දා හැර ගිය දා
දුක දැනුනේ නැතිදෝ
මගේ කදුලු හොරා වැටෙන තුරා
පිටුපෑවේ ඇයි ජීවිතේ ...//


ලන් උනේ වෙන් වෙන්න නම්
පෙම්කලේ තුරුලේ ඉදන්
ඇයි ඔයා මට මේ තරම්
 
Artist - Manjula Pushpakumara
 
 

Ma Adariye

Posted by Musix On 12:47 AM No comments


මා ආදරියේ මගෙ ආදරියේ
නුඹ කවුරුන්ද සුකුමාල සුන්දරියේ
සදරාජිණියේ සදරාජිණියේ නුඹ
කවුරුන්ද කවුරුන්ද ආදරියේ

නීල ඔබෙ දෑස බැල්මෙන් සැනසීලා
කෝල මදහාස හසරැල් සිහිවීලා
සිහින දකිමින් සැනසෙන්නේ තනිවීලා
කවූද ඔබ කවූද සුරගන වීලා

නොසිතූවිලස මා දෙනෙතේ පොපියාලා
නොදුටූ අයුරින් ඔබ යනවද සැගවීඉලා
ලොවම ගෙනවිත් මගෙ සුරතේ නවතාලා
කවූද ඔබ කවූද දෙවුදුවක වීලා

මා ආදරියේ මගෙ ආදරියේ....

Artist - Theekshana Anuradha

Facebook යාලුවන්ට Share කරන්න

Download Mp3

Site search